බදු වැඩි නොකරන බවට අගමැතිගෙනුත් පොරොන්දුවක්

ෆෙඩරල් මැතිවරණයෙන් වත්මන් පාලක සන්ධානයම බලයට පත්වුවහොත් කිසිදු අමතර බදු පැණවීමක් සිදු නොකරන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

එමෙන්ම ඉදිරි වසර 04 තුළදී ඩොලර් බිලියන 100 ක බදු සහන සපයන බවටත් අගමැතිවරයා ප්‍රතිඥාවක් දී තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් හිමිවනුයේ ඉහළ ආදායම් උපයන පුද්ගලයන්ට බවත් ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

ලේබර් පක්ෂයද පසුගියදා කියාසිටියේ මහ මැතිවරණයෙන් ජයගතහොත් කිසිදු අමතර බදු පැණවීමක් සිදු නොකරන බවටයි.

මේ අතර හෙටට යෙදී ඇති ANZAC දිනය සැමරීම සඳහා අගමැති මොරිසන් කලින් හෙළි නොකල ස්ථානයකට පිටත්ව ගොස් ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්.

https://www.9news.com.au/national/prime-minister-scott-morrison-has-vowed-there-will-be-no-new-taxes-if-the-coalition-is-reelected/997ac063-9215-49d1-b39c-c6381261b5ab

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »