ඔස්ටේ්‍රලියා ශිෂ්‍යත්ව ලැබුණත් උසස් අධ්‍යාපනය වළක්වා ඇති ලාංකිකයන් ගැන වාර්තාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ශිෂ්‍යත්ව ලැබුණත් උසස් අධ්‍යාපනය වළක්වා ඇති ලාංකිකයන් ගැන වාර්තාවක්

ඔස්ටේ්‍රලියා ශිෂ්‍යත්ව ලැබුණත් උසස් අධ්‍යාපනය වළක්වා ඇති ලාංකිකයන් ගැන වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ඇතුලු අනවසර සංක්‍රමණිකයන්ගේ අධ්‍යාපන අයිතීන් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ගාඩියන් පුවත්පත විසින් පළකර තිබෙනවා.

මෙම සංක්‍රමණිකයන් අතුරින් විශාල පිරිසකට උසස් අධ්‍යාපන ආයතන මගින් පූර්ණ ශිෂ්‍යත්ව පවා පිරිනමා තිබියදී ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ ඇහිරීම පිළිබඳවයි එමගින් අවධානය යොමුකර ඇත්තේ.

මීට හේතුව වී ඇත්තේ තාවකාලික ආරක්ෂණ වීසා (temporary protection) හෝ bridging වීසා මත සිටින සංක්‍රමණිකයන්ට ගාස්තු කපා හැරෙන (subsidised) අධ්‍යාපනයකට අවසර හිමි නොවීමයි.

නාවුරු දූපතේ සිට මෙල්බන් දක්වා පැමිණ Deakin විශ්ව විද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්වයක් – RMIT විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සහ Monash විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන වරම් හිමිවූ ලාංකික තරුණියක වන 19 හැවිරිදි Sukirtha Krishnalingam ගේ අත්දැකීම් ඔවුන් මෙම ලිපියට පාදක කර තිබෙනවා.

අධ්‍යාපනයට තමන්ට ඇති අයිතිය අහුරා නොදමන ලෙසයි ඇය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

https://www.theguardian.com/commentisfree/2022/apr/23/refugee-children-want-a-future-in-australia-so-why-are-they-excluded-from-universities

COMMENTS