ශ්‍රී ලංකාවට සහාය වනුයේ ඉදිරි ආර්ථික යෝජනා මත පදනම්වයි : IMF

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනුයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික යෝජනා මත පදනම්ව බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කර අනෙකුත් සියලූ පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වී එම පියවරට එළඹෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මුල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී මසාහිරො නොසාකි සඳහන් කර ඇත්තේ.

පසුගිය 18 වනදා සිට 22 වනදා දක්වා කාලය තුළ වොෂින්ටන්හි පැවති මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර, මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ඇතුලු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමු වූ බව එම නිවේදනයේ දැක්වෙනවා.

ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා නියෝජිතයන් අදාළ පිරිස සමග මූල්‍ය අරමුදල විසින් සහාය දක්වන වැඩසටහන් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන්.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »