එංගලන්තයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

එංගලන්තයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්තයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගන්නා ලෙසට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කළ යෝජනාව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය එංගලන්ත කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධූරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගනු ලැබුවා.

ඒ අනුවයි ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මහේල ජයවර්ධනට ඇරයුම් කර ඇත්තේ.

එම ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පුහුණුකරු ධූරය භාරගන්නා ලෙසට කළ යෝජනාව ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක රිකී පොන්ටින්ට ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

මහේල ජයවර්ධන අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරනවා.

COMMENTS