IMF සමග සාකච්ඡා සාර්ථකයි – මුදල් ඇමති

ණය කළමණාකරණයට අදාළව මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා තවත් සති 03 කට ආසන්න කාලයක් ගතවනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බ්ලූම්බර්ග් නාලිකාව සමග අමෙරිකාවේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ අවම වශයෙන් දින 15 ත් 20 ත් අතර කාලයක් ඒ සඳහා ගතවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා කේන්ද්‍ර වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව බවයි අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කලේ.

මේ දක්වා පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බවද අලි සබ්රි සඳහන් කර තිබෙනවා.

https://www.bloomberg.com/news/articles/2022-04-21/sri-lanka-prioritizing-debt-recast-in-funds-search-sabry-says

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »