
Northern Territory ප්‍රාන්ත වාසීන් 8000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ කොවිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වැරදි කෙටි පණිවුඩ යවා ඇතැයි අනාවරණ වනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය නටාෂා ෆයිල්ස් සඳහන් කලේ පරිඝණක පද්ධතියේ දෝෂයක් ඊට හේතුවී ඇති බවයි.
මෙම පුද්ගලයන් මීට පෙර අවස්ථාවලදී සිදුකල කොවිඩ් පරීක්ෂණවල ප්‍රථිඵල මෙලෙස යවා තිබෙනවා.

එනම් මෑතකදී කොවිඩ් පරීක්ෂණයක් සිදු නොකල පුද්ගලයන්ට පවා ඔවුන් ආසාධිතයන් බව දක්වා කෙටි පණිවුඩ යවා ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරන බවයි Northern Territory සෞඛ්‍ය අමාත්‍ය නටාෂා ෆයිල්ස් කියාසිටියේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/thousands-sent-wrong-covid-results-in-nt-c-6527858