Search

විපක්ෂ නායක ඇල්බනීස් ට කොවිඩ්

විපක්ෂ නායක සහ ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන තිබෙනවා.

මේ අනුව ඉදිරි දින 07 ක කාලය තුළ සිඩ්නි හි පිහිටි නිවසේ හුදකලාව සිටිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ඔහුට සිදුවනු ඇති.

පෙරේදා රාත්‍රියේ බ්‍රිස්බන් නුවර පැවති මුහුණට මුහුණ විවාදයේදී අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීස් ඉතා සමීපව කටයුතු කල අතර අතට අතදී සුභ පතාගන්නා ආකාරයක්ද දක්නට ලැබුණා.

කෙසේවෙතත් කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන්ට අදාළ රෙගුලාසි ලිහිල් කිරීමත් සමග අගමැති මොරිසන්ට හුදකලාව සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.

අද දිනයේදී බටහිර ඔස්ටේ්‍රලියාව බලා පැමිණිමට පෙර සිදුකල රැපිඩ් පරීක්ෂණයේදීයි විපක්ෂ නායක ඇල්බනීස් කොවිඩ් ආසාධිත බවට තහවුරු වී ඇත්තේ.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මොරිසන් පැවසුවේ තමා විපක්ෂ නායකවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »