අද සිකුරාදා පස්වරු 06 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි ගණනාවක්ද ලිහිල් කර තිබෙනවා
ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතමයන්ට තවදුරටත් නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.
මෙම තීරණයත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ hospitality – ප්‍රවාහන ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන් රැසකට යළිත් රැකියා සඳහා පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.
කෙසේවෙතත් ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය යුතු අතර රෝහල් වැනි කිසිදු අධි අවධානම් ස්ථානයකට යාමට අවසර හිමිවන්නේද නැහැ.
aged care සහ disability සේවකයන් හැර අනෙක් සෑම ක්ෂේත්‍රයකම සේවකයන්ට පැවති අනිවාර්ය එන්නත්නකරණ අවශ්‍යතාවයන්ද ඉවත් කර තිබෙනවා.