අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් ලිහිල්

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් අද මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කර වනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ primary schools, early childhood, hospitality – retail වැනි බොහෝ ස්ථානවලට පිවිසීමේදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවනු ඇති.

පොදු ප්‍රවාහනය – ගුවන් තොටුපළ වැනි ස්ථානවල මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනවා.

එමෙන්ම QR Code භාවිතය මුලුමනින්ම පාහේ අත්හිටුවා ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කලා.

රෝහල් සඳහා අමුත්තන් බැලීමට පැමිණීමේදී මේ දක්වා ක්‍රියාත්මකවූ උපරිම සීමාවන්ද ඉවත් කර තිබෙනවා.

සමීප ආශ්‍රිතයන් සඳහා පැවති දින 07 ක හුදකලා කාලය ඇතුලු රෙගුලාසි ගණනාවක්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කර වනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »