
වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ප්‍රකාශයට පත්කර ඇති වසංගත තත්වය ලබන ජූලි මාසයේදී අවසන් කිරිමට හැකිවනු ඇතැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.
ප්‍රාන්ත වසංගත තත්වයකදී වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරයාට වැඩි බලතල හිමිවීමයි මෙහිදී සිදුවන්නේ.
ඒ අනුව බොහෝ දුරට ජූලි 12 වනදායින් පසු වසංගත තත්වය දීර්ඝ කිරීමක් සිදුනොවනු ඇති බවටද ඩැනියල් ඇන්ඩෲස් අනාවැකි පළකලා.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
කිසියම් අයුරකින් ජූලි මාසයෙන් පසුවද වසංගත තත්වය දීර්ඝ කලහොත් එය මැතිවරණ කටයුතු සඳහා බාධාවක් එල්ල කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
