ටස්මේනියා Skilled වීසා කෝටාව සීමිත වෙයි

2021/22 මුල්‍ය වර්ෂය සඳහා නිපුණතා වීසා වැඩසටහන යටතේ ටස්මේනියානු වීසා කෝටාව සීමිත වී තිබෙනවා.

ටස්මේනියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි 30 වන විට දැනට ඉතිරිවී ඇති සියලූ වීසා Nomination ලබාදීමට හැකි වනු ඇති බවයි.

ඒ අනුව අප්‍රේල් 15 වැනි දින පසව්රු 05 ට පසුව යොමු කරන ලද නව අයදුම්පත් සලකා බැලීමට සුදුසුකම් ලබන්නේ ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් වීසා සඳහා අයදුම් කිරීමට අදාළ අයදුම්කරුට ආරාධනා කර ඇත්නම් පමණයි.

ආරාධනාවකින් තොරව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇති.

ඉතිරිවන සාර්ථක අයදුම්පත් සඳහා වීසා Nomination පිරිනැමීම 2022/23 මුල්‍ය වර්ෂයේ වීසා කෝටාවෙන් සිදුකිරීමට නියමිතයි.

https://www.migration.tas.gov.au/news/2021-2022_program_year_update

 

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »