මොරිසන් – ඇල්බනීස් පළමු විවාදය කරට කර සටනක

මෙවර ෆෙඩරල් මැතිවරණයට අදාළව අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර පළමු විවාදය ඊයේ රාත්‍රියේ බ්්‍රස්බන් නුවරදී පැවැත්වුණා.

දූෂණ මර්දන කොමිසම – විද්‍යුත් මෝටර් රථ – චීන බලපෑම් ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අපේක්ෂකයන් දෙදෙනා කරුණු පැහැදිලි කරනු ලැබුවා.

ජලගැලීම් හමුවේ බලපෑම් එල්ලවූ ජන කොටස් සඳහා ලබාදෙන සහන ඊයේ පැවති විවාදයේදී ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීම විශේෂත්වයක්.

අනවසර සංක්‍රමණ හා බෝට්ටු ආපසු හරවා යැවීම් සම්බන්ධයෙන් දෙදෙනා අතර උණුසුම් විවාදයක් පැවතුණා.

විචාරකයන් පවසන්නේ අගමැති මොරිසන් හා විපක්ෂ නායක ඇල්බනීස් යන දෙදෙනාම ඊයේ පැවති විවාදයේදී කරට කර සටනක පසුවූ බවයි.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »