ක්වීන්ස්ලන්ඩ් නව වේග සීමා කැමරා භාවිතයෙන් මාස 04 කඳී $ මිලියන 40 ක දඩ උපයා ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් නව වේග සීමා කැමරා භාවිතයෙන් මාස 04 කඳී $ මිලියන 40 ක දඩ උපයා ගනී

ක්වීන්ස්ලන්ඩ් නව වේග සීමා කැමරා භාවිතයෙන් මාස 04 කඳී $ මිලියන 40 ක දඩ උපයා ගනී

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව වේග සීමා කැමරා භාවිතයෙන් මාස 04 ක කාලය තුළ ඩොලර් මිලියන 40 ක දඩ උපයා ගැනීමට ප්‍රාන්ත රජය සමත්වි තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ මාර්ග නීති කැඩූ රියදුරන් 28 ලක්ෂ 47 දහස් 668 දෙනෙකු හඳුනාගැනීමටයි ප්‍රාන්ත පොලිසිය සමත්වී ඇත්තේ.

ඉන් 34,000 කට පමණ රිය ධාවනයේදී දුරකථන භාවිත කිරීමේ චෝදනාව එල්ල වී ඇති අතර ආසන පටි නොපැළඳිමේ චෝදනා මත 13,875 දෙනෙකු පොලිස් ග්‍රහණයට ගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නීතියට අනුව රිය ධාවනයේදි ජංගම දුරකථන භාවිත කිරිමේ වරද යටතේ ඩොලර් 1033 ක දඩයක් නියම කල හැකි වනවා.

ආසන පටි නොපැළඳීමේ චෝදනාවට නියම කල හැකි උපරිම දඩය ඩොලර් 413 ක්.

ලබන ජූලි 01 වනදා සිට මෙම දඩ මුදල් වැඩි කිරීමටද නියමිතයි.

ඒ අනුව ආසන පටි නොපැළඳීමේ චෝදනාවට එදින සිට නියමවන දඩ ප්‍රමාණය ඩොලර් 1078 ක්.

COMMENTS