Search

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදට වසර 03 යි

මිනිස් ජීවිත 259 ක් අහිමි කරමින් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදට වසර 03 ක් සම්පූර්ණ වනවා.

ඒ වෙනුවෙන් අද දිවයිනේ සියලුම කතෝලික දේවස්ථානවල පෙරවරු 08 යි 45 ට මළවුන්ගේ සීනුව නාද කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කරමින් කොලඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද විශේෂ දේව මෙහෙයන් සංවිධාන කර තිබෙනවා.

ආගම් භේදයකින් තොරව ඒ සඳහා එක්වන ලෙසයි කතෝලික සභාව ඉල්ලා සිටින්නේ.

වසර 03 ක් ගතවුවද පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් මෙතෙක් නීතිය හමුවට ගෙනවිත් නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »