රඹුක්කන සිද්ධිය ගැන ජනපති – අගමැති කණගාටුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

රඹුක්කන සිද්ධිය ගැන ජනපති – අගමැති කණගාටුවෙයි

රඹුක්කන සිද්ධිය ගැන ජනපති – අගමැති කණගාටුවෙයි

රඹුක්කන සිද්ධියට සහ ඉන්ධන නොලැබීමට විරෝධය පළකරමින් දිවයින පුරා ප්‍රදේශ රැසක අද දිනයේදීත් විරෝධතා පැවැත්වෙනවා.

එමගින් ප්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බව සඳහන්.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කණස්සල්ල පළකර තිබෙනවා.

සාමකාමී විරෝධතාවල නිරතවීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති අයිතිය කිසිදු ආකාරයකින් අවහිර වී නොමැති බවයි එහි දැක්වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වනු ඇති බවද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහතික වනවා.

විරෝධතාවලදී ප්‍රචණ්ඩත්වයෙන් බැහැර වන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේ.

COMMENTS