ලංකාවට ණය දීමේ එක කොන්දේසියක් IMF හෙළිකරයි

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබාදීමට අදාළ කටයුතු මූලික අධියරේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

කෙසේවෙතත් ණය පියවීමට අදාළ තිරසර වැඩපිළිවෙලක් මත පදනම්ව පමණක් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සඳහන් කලේ.

දැනට අමෙරිකාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මූල්‍ය අරමුදලේ කළමණාකාර

අධ්‍යක්ෂවරිය අතර මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැති බවද ඔහු අනාවරණ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් දැනට පියවීමට පවතින ණය සහ ඉදිරි ආර්ථික සැළසුම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධානය යොමුකර ඇති බවත් මසාහිරෝ නොසාකි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »