නිවු සවුත් වේල්ස් එන විදේශීය සංචාරකයන්ට පැවති රෙගුලාසිවල වෙනසක්

අනිද්දා එනම් සිකුරාදා පස්වරු 06 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි ගණනාවක්ද ලිහිල් කර තිබෙනවා

ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතමයන්ට තවදුරටත් නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.

මෙම තීරණයත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ hospitality – ප්‍රවාහන ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන් රැසකට යළිත් රැකියා සඳහා පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.

කෙසේවෙතත් ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය යුතු අතර රෝහල් වැනි කිසිදු අධි අවධානම් ස්ථානයකට යාමට අවසර හිමිවන්නේද නැහැ.

aged care සහ disability සේවකයන් හැර අනෙක් සෑම ක්ෂේත්‍රයකම සේවකයන්ට පැවති අනිවාර්ය එන්නත්නකරණ අවශ්‍යතාවයන්ද ඉවත් කර තිබෙනවා.

මේ අතර එන්නත්කරණයට ලක්නොවූ විදේශීය සංචාරකයන්ට අනිවාර්ය හෝටල් නිරෝධායනයද ලබන 30 වනදා සිට ඉවත් කර තිබෙනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »