රඹුක්කනට තවමත් පොලිස් ඇඳිරිය – තුවාලකරුවන් 33 ට නගී – 03 ක් ICU – AusLanka TV – Australian News for the Sri Lankan community

රඹුක්කනට තවමත් පොලිස් ඇඳිරිය – තුවාලකරුවන් 33 ට නගී – 03 ක් ICU

රඹුක්කනට තවමත් පොලිස් ඇඳිරිය – තුවාලකරුවන් 33 ට නගී – 03 ක් ICU

රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාව හේතුවෙන් තුවාල ලැබූ 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඉන් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන සිවිල් වැසියන් ගණන 13ක්.

එයින් තුන්දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි කෑගල්ල රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී තහවුරු කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් 20 දෙනෙකු අද අලූයම වන විට කෑගල්ල රෝහලට රැගෙන විත් තිබුණා.

ඉන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සදහන් කළේ.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා පැණවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකයි.

COMMENTS