වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් සිකුරාදා රාත්‍රියේ සිට ලිහිල් කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් සිකුරාදා රාත්‍රියේ සිට ලිහිල් කරයි

වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් සිකුරාදා රාත්‍රියේ සිට ලිහිල් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ primary schools, early childhood, hospitality – retail වැනි බොහෝ ස්ථානවලට පිවිසීමේදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවනු ඇති.

පොදු ප්‍රවාහනය – ගුවන් තොටුපළ වැනි ස්ථානවල මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනවා.

එමෙන්ම QR Code භාවිතය මුලුමනින්ම පාහේ අත්හිටුවා ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කලා.

රෝහල් සඳහා අමුත්තන් බැලීමට පැමිණීමේදී මේ දක්වා ක්‍රියාත්මකවූ උපරිම සීමාවන්ද ඉවත් කර තිබෙනවා.

සමීප ආශ්‍රිතයන් සඳහා පැවති දින 07 ක හුදකලා කාලය ඇතුලු රෙගුලාසි ගණනාවක්ද අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කර තිබෙනවා.

COMMENTS