වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හුදකලා නීති සියල්ල ඉදිරි දින කිහිපය තුළදි ඉවතට

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා කොවිඩ් ආසාධිතයන්ගේ සමීපතමයන් සඳහා බලාත්මක හුදකලා නීති සියල්ල ඉදිරි දින කිහිපය තුළදි ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

මේ අනුව කිසියම් අයෙකු ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වුවද දින 07 ක හුදකලා කාලසීමාවක් ගතකිරීම අනිවාර්ය නොවනු ඇති.

කෙසේවෙතත් කෙදින සිට මෙම නීති බලාත්මක කරන්නේද යන්න මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය සම්බන්ධ රෙගුලාසි ඉක්මණින් ලිහිල් කරන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ෲස් විසින්ද පසුගියදා ඉගි පළකර තිබුණා.

ප්‍රාන්ත දෙකෙහි සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් මීට සම්බන්ධ නිවේදනය නිකුත් කරනු ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.

https://www.9news.com.au/national/coronavirus-australia-update-nsw-and-victoria-set-to-end-isolation-for-household-contacts-of-positive-covid-19-cases/e502ee8b-3f63-442c-b922-bf38464a32a1

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »