Search

රඹුක්කන තුවාලකරුවන් 29 ට නගී – ජාත්‍යන්තර පාර්ශව රැසක අප්‍රසාදය

රඹුක්කන පැවති විරෝධතාවයකදී හටගත් නොසන්සුන් තත්වයෙන් තුවාල ලැබූවන් ගණන 29 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඉන් 15 දෙනෙකු පොලිස් නිළධාරීන් බව පොලිසිය සඳහන් කලා.

සිද්ධියෙන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව කෑගල්ල රෝහල සඳහන් කලා.

රඹුක්කන විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී පොලිසිය විසින් ප්‍රමාණය ඉක්මවා බලය භාවිත කර ඇතිදැයි පොලිස් මූලස්ථානයේ මට්ටමින් විමර්ශනයක් සිදුකරන බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.

රඹුක්කනදී පොලිස් නිළධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කලේ දැයි සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන මණ්ඩලයක් පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කණස්සල්ල පළකර තිබෙනවා.

ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං කියාසිටියේ.

සාමකාමී විරෝධතා පැවැත්වීම සඳහා ඇති අයිතිය ප්‍රචණ්ඩත්වය මගින් අවහිර නොකල යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නේවාසික නියෝජිත හැනා සිංගර් කියාසිටියේ සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිත කල යුතු වන්නේ අවම බලය පමණක් බවයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »