Search

Update: රඹුක්කන විරෝධතාවයට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට / 24 කට තුවාල

රඹුක්කන නගරයේ විරෝධතාකරුවන් පිරිසක් පාලනයට පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අප කල විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා එය තහවුරු කලා.

සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24 ක්.

ඉන් 08 දෙනෙකු පොලිස් නිළධාරීන් බව පොලිසිය සඳහන් කලා.

ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධය එල්ල කරමින් සිටියා.

මේ හේතුවෙන් අද අලූයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කලා.

මෙම විරෝධතාවයේදී ආරක්ෂක අංශ සමග හටගත් ගැටුම් හමුවේ තුවාල ලැබූ පිරිසක් කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටිනවා.

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »