Breaking: රඹුක්කන විරෝධතාවයට පොලිසියෙන් වෙඩි – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: රඹුක්කන විරෝධතාවයට පොලිසියෙන් වෙඩි

Breaking: රඹුක්කන විරෝධතාවයට පොලිසියෙන් වෙඩි

රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය අවහිර කල විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිසිය තහවුරු කලා.

කෑගල්ල රෝහල සඳහන් කලේ මෙහිදී තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

ඉන් 04 දෙනෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය කියාසිටියා.

මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.

ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධය එල්ල කරමින් සිටිනවා.

මේ හේතුවෙන් අද අලූයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කලා.

මෙම විරෝධතාවයේදී ආරක්ෂක අංශ සමග හටගත් ගැටුම් හමුවේ තුවාල ලැබූ පිරිසක් කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටිනවා.

COMMENTS