
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී ඒ ඒ 02 මට්ටමේ සිට සී ඒ මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.
විදේශ ණය ගෙවීම අත්හිටුවීමට රජය ගත් තීරණය ඊට බලපා ඇති බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
ඉහළ යන ඉන්ධන සහ ආහාර මිළ ගණන් හමුවේ උද්ධමනය සීඝ්‍රයෙන් වැඩිවීමද මීට බලපා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා හා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අතර හමුවක් ඊයේ වොෂින්ටන් නුවරදී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් දැනටමත් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට හා ඇගයීමට ලක්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීමට අඛණ්ඩව සහය ලබාදීමට මූලික එකගතාවක් ඇති බවයි කළමණාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී කියාසිටියේ.
මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් කඩිනම් මූල්‍ය සහායක් සඳහා ඉල්ලීමක් සිදු කරන ලද අතර, ඒ සඳහා ඇප පාර්ශ්වයන් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රජය පෙනී සිටින බවයි අලි සබ්‍රි පැවසුවේ.
එමෙන්ම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.