විදෙස් රටවල සිට වික්ටෝරියා සෞඛ්‍ය සේවයට එන වෘත්තිකයින්ට දෙන දීමනාව ඉහළට

විදෙස් රටවල සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නාගරික කලාපයේ මහජන සෞඛ්‍ය සේවාවක සේවකයකු සඳහා ඩොලර් 10,000 ක් හිමිවනු ඇති.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවක රැකියාවක් ලබන සෞඛ්‍ය සේවකයකු සඳහා හිමිවන දීමනාව ඩොලර් 13,000 ක්.

පසුගිය අප්‍රේල් 01 වන දින සිට මෙම දීමනා ඉහළ දැමීම් බලාත්මක වනවා.

විදේශයක සේවයේ නිරතවී ආපසු පැමිණෙන ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය වෘත්තිකයන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ නැවත පදිංචිය සඳහා ඩොලර් 13,000 ක් දක්වා ලබාගැනීමට සුදුසුකම් ලබනු ඇති.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »