පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06 කට මරණ දඩුවම – AusLanka TV – Australian News for the Sri Lankan community

පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06 කට මරණ දඩුවම

පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06 කට මරණ දඩුවම

පකිස්ථානයේ සියල්කොට් හිදී ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකුට එරට ත්‍රස්ත මර්දන අධිකරණයක් මරණ දඩුවම නියම කර තිබෙනවා.

තවත් 09 දෙනෙකුට ජීවිතාන්ත සිර දඩුවමක් නියමවී ඇති බවයි පකිස්ථාන වාර්තා සඳහන් කලේ.

වසර 02 බැගින් සිර දඩුවම් නියමකර ඇති සැකකරුවන් ගණන 72 ක්.

ඇගලුම් කම්හල් කළමණාකරුවෙකු ලෙස කටයුතු කල ප්‍රියන්ත කුමාර පහරදී ඝාතනය කර පුලුස්සා දමා තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 03 වනදායි.

මෙම සිද්ධියට අදාළව පළමුවෙන් එම ඇගලුම් කම්හලේ සේවකයන් 900 කට ආසන්න පිරිසකට චෝදනා ගොණු කර තිබුණා.

අධිකරණයේදී අනාවරණය වූයේ චූදිතයන් හඳුනාගැනීම සඳහා සී සී ටී වී දර්ශන ඇතුලු වීඩියෝ සාක්ෂි බහුලව යොදා ගැණුනු බවයි.

COMMENTS