ලේබර් පක්ෂ සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ අමතර හෙදියන් සහ වෛද්‍යවරුන්ට අවස්ථාව – AusLanka TV – Australian News for the Sri Lankan community

ලේබර් පක්ෂ සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ අමතර හෙදියන් සහ වෛද්‍යවරුන්ට අවස්ථාව

ලේබර් පක්ෂ සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ අමතර හෙදියන් සහ වෛද්‍යවරුන්ට අවස්ථාව

ලේබර් පක්ෂ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ අමතර හෙදියන් සහ වෛද්‍යවරුන් අවශ්‍ය කෙරෙන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

එමෙන්ම ඔවුන් එක් විෂය පථයකට පමණක් සීමා නොවිය යුතු බවයි ලේබර් පක්ෂ නායකයා අවධාරණය කලේ.

විශේෂයෙන් Aged care වැනි අංශ තවත් ශක්තිමත් කිරීම කම්කරු පක්ෂයේ ප්‍රතිපත්තිය බවද ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

සෞඛ්‍ය අධ්‍යාපනය සහ පුහුණු කිරීම් සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනයද එහි එක් අධියරක් බවයි ඔහු කියාසිටියේ.

අමතර විශ්ව විද්‍යාල 20,000 ක් සහ TAFE අධ්‍යාපන ආයතන 465,000 ක් ස්ථාපිත කරන බවට පොරොන්දුවූයේද එම අරමුණු ඉටු කර ගැනීමට බව ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් වැඩිදුරටත් සඳහන් කලා.

COMMENTS