
ශ්‍රී ලංකාව තුළ දූෂණය අත්හිටුවා නීතීයේ ආධිපත්‍යය ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.
එමගින් සාර්ථක ආර්ථික වර්ධන වේගයක් අත්කරගත හැකි බවයි මෙම පෙත්සම මගින් දක්වා ඇත්තේ.
ණය ආපසු ගෙවීම අත්හිටුවීම හමුවේ මේ වනවිට රට බංකොළොත්භාවයකට පත්ව ඇතැයිද වැරදි ආර්ථික තීන්දු ඊට හේතුවී ඇතැයිද එහි සඳහන්.

මෙම තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ධුරයෙන් ඉවත්විය යුතු බවටත් කඩිනමින් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කල යුතු බවටත් පෙත්සමෙන් යෝජනා කර තිබෙනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමද තවත් යෝජනාවක්.

පහත Link එකට පිවිසීමෙන් ඔබටත් මේ සඳහා අත්සන් තැබිය හැකි වනවා.
COMMENTS