වසර 02 ක් ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන නෞකා තහනම අද සිට ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 02 ක් ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන නෞකා තහනම අද සිට ඉවතට

වසර 02 ක් ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන නෞකා තහනම අද සිට ඉවතට

වසර 02 කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන නෞකා තහනම අද සිට ඉවත් වනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයන් සහ එන්නත්කරණ අවශ්‍යතා මත පදනම්ව මගීන් සහ නෞකා කාර්ය මණ්ඩල සඳහා පැමිණීමට අවසර හිමිවනු ඇති.

මෙමගින් අදාළ ප්‍රාන්තවල එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු 18,000 කට පමණ ප්‍රතිලාභ අත්වන බව සඳහන්.

2020 වසරේ මාර්තු මාසයෙන් පසු පළමු වරට මගී ප්‍රවාහන නෞකා පැමිණීමක් සංකේතවත් කරමින් අද දිනයේදී සිඩ්නි වරාය වෙත නෞකාවක් පැමිණෙනු ඇති.

ඊට සමගාමීව අනෙකුත් ප්‍රාන්තවලටද මගී ප්‍රවාහන නෞකා පැමිණීමටයි නියමිතව ඇත්තේ.

https://7news.com.au/news/public-health/cruise-ships-return-after-two-year-ban-c-6473973

COMMENTS