නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද පෙරවරුවේ – AusLanka TV – Australian News for the Sri Lankan community

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද පෙරවරුවේ

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද පෙරවරුවේ

නව අමාත්‍ය මණ්ඩලය බොහෝ දුරට අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

20 කට ආසන්න පිරිසකගෙන් එය සමන්විත වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

සමස්ත කැබිනට් මණ්ඩලයම පසුගිය 03 වැනිදා රාත්‍රියේ ඉල්ලා අස්වූවා.

පාර්ලිමේන්තුවේ සහ රජයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට මුදල් – විදේශ – අධ්‍යාපන සහ මහාමාර්ග විෂයන් සඳහා පමණක් අමාත්‍යවරුන් 04 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ඊට පසු දින පත්කරනු ලැබුවා.

කැබිනට් අමාත්‍යවරුන් පිරිසක්ද නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති අතර, ඉතිරි සියලූ දෙනා තරුණ මන්ත්‍රීවරුන් බවයි පැවසෙන්නේ.

COMMENTS