
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මෙල්බන් Federation Square හි පැවැත්වෙන විරෝධතාවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් කලු පැහැති ඇඳුමින් සැරසී ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.
කිසිදු දේශපාලන අරමුණකින් තොරව සංවිධාන කෙරෙන මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව අදට යෙදී තිබෙනවා.
PICS :

COMMENTS