මැතිවරණ ප්‍රචාරක පළමු සතියේ ජය අගමැති මොරිසන්ට

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණය ප්‍රකාශයට පත් කර පළමු සතියේ සිදුවීම් වලින් අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන් සිටින බව අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රචාරණ කටයුතු ආරම්භවූ පළමු දිනයේදීම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්, විරැකියා අනුපාතය සහ Reserve Bank’s official cash rate නොදැන සිටි බවට හෙළිවීමයි.

මේ අනුව Newspoll මත විමසුමට අනුව මෙම සිදුවීමත් සමග අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය සියයට 44 දක්වාත් ඇන්තනී ඇල්බනීස් ගේ ජනප්‍රියත්වය සියයට 39 ක් ලෙසත් පසුගිය ඉරිදා දිනය වනවිට පැවති බව සඳහන්.

කෙසේවෙතත් ෆෙඩරල් මැතිවරණයට තවත් මාසයකට වැඩි කාලයක් පවතින බැවින් ඉදිරි සතිවල සිදුවීම් අනුව මෙම තත්වය වෙනස්විය හැකි බවටත් අනාවැකි පළවනවා.

SOURCE :

https://www.9news.com.au/national/federal-election-2022-week-one-campaign-roundup/054ab9f2-e2da-40fb-bd86-5a11b9b39ab2

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »