ශ්‍රී ලංකා නියෝජිත පිරිස IMF යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා නියෝජිත පිරිස IMF යයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිස IMF යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඇතුලු නියෝජිත පිරිස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මුදල් අමාත්‍යවරයා සමග ඔහුගේ සහායට තවත් අයෙකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ සහායට තවත් අයෙකු ද වශයෙන් 04 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්.

ඔවුන් අද අලූයම 05.07 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එතැන් සිට මෙම නියෝජිත පිරිස අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන ඇතුලු පිරිසක්ද මෙම නියෝජිත පිරිසට එක් වීමට නියමිතයි.

අනිද්දා සිට ලබන 24 වනදා දක්වා මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති.

COMMENTS