වරින්වර ඔස්ටේ්‍රලියා ඇවිත් සුරංගනා කථා කියන ලංකාවේ දේශපාලකයන්ට තවත් රැවටෙමුද ?

ශ්‍රී ලංකාවේ සිට මෙරටට පැමිණ විවිධ දේශපාලන සමුලු පවත්වන දේශපාලනඥයන්ගෙන් අපේක්ෂිත අරමුණු ඉටුවේදැයි මැදිහත් ජනතාව ප්‍රශ්න කරනවා.

එමෙන්ම ලාංකිකයන් ඉලක්ක කර මෙරට සිට ක්‍රියාත්මක ඇතැම් සමාජ මාධ්‍ය පවා එවැනි දේශපාලනඥයන් ප්‍රවර්ධනය කිරීම ගැටලු සහගත බවයි ලාංකිකයන් පවා පෙන්වා දෙන්නේ.

විවිධ දේශපාලනඥයන්ට ගැතිකම් කිරීමේ වහල් භාවයෙන් මිදී දියුණු රටවල පුද්ගලයන් සිතන පතන ආකාරයෙන් කල යුතු බවත් විවිධ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට පැමිණෙන දේශපාලනඥයන් හෙළා දැකිය යුතු බවත් අවධාරණය කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය දඩමීමා කරගනිමින් ඇතැම් විදෙස්ගත ලාංකිකයන් බොරදියේ මාලුබෑමට උත්සාහ කිරීමක් සිදුකිරීමට උත්සාහ කරන්නේද පිළිබඳ මෙවැනි දෑ මගින් සනාථ වන බවයි මැදිහත් විචාරකයන් පෙන්වා දෙන්නේ.

වර්තමානයේ සිදුකල යුතු වන්නේ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවට උදව් කිරීම මිස මෙවැනි පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම නොවන බවත් නැවතත් අවධාරණය කෙරෙනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »