බන්දුට කොන්සල් ධුරයක් නොදෙන බවට ස්ථිර ප්‍රකාශයක්

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත් නොකරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන ප්‍රචාර සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

මීට පෙර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ පත් කෙරුණා.

ඇය එම ධූරය භාරගත් අතර පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගියේ මිලානෝ නුවරදීයි.

අනතුරුව මේ දක්වා මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ධුරය පුරප්පාඩුවයි පවතින්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »