Search

පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා අද මෙල්බන් නුවරදී දැවැන්ත විරෝධතාවයක්

FEDERATION SQUARE

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා සංවිධාන කෙරෙන දැවැන්ත විරෝධතාවයක් අද මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

මෙල්බන් federation square අසලදී පස්වරු 03 ට එය ආරම්භවීමට නියමිතයි.

කලු පැහැති ඇඳුමින් සැරසී මේ සඳහා සහභාගී වන්නැයි මෙල්බන්වාසී මෙන්ම ඔස්ටේ්‍රලියාවේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරෙනවා.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව සංවිධාන කෙරෙන මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව අදට යෙදී තිබෙනවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »