ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන දෙමළ ජනතාවට සරණාගතභාවය දෙන ලෙස ඉල්ලීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන දෙමළ ජනතාවට සරණාගතභාවය දෙන ලෙස ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන දෙමළ ජනතාවට සරණාගතභාවය දෙන ලෙස ඉල්ලීමක්

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සිට තමිල්නාඩුවට මුහුදු මාර්ගයෙන් පැමිණෙන දෙමළ ජනතාවට විශේෂ අවසරයක් යටතේ තාවකාලික සරණාගතභාවය ලබාදෙන ලෙස තමිල්නාඩු මහඇමති එම්.කේ.ස්ටාලින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

හින්දු පුවත්පත වාර්තා කරන පරිදි එමගින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ට එහි සරණාගත කඳවුරුවල රැදී සිටීමට හැකිවනු ඇති.

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මොවුන් සහෝදර ජනතාවක් ලෙස සලකා පිලිගන්නා බවයි තමිල්නාඩු මහඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඔහු ඊයේ එලෙස පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනතාව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට ද එක්වුණා.

මේ වනවිට මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණි 39 දෙනෙකු තමිල්නාඩුවේ – රාමනාදන්පුරම්හි මණ්ඩපම් සරණාගත කඳවුරේ රැදී සිටිනවා.

ඊට කාන්තාවන් 11 දෙනෙකු සහ ළමයින් 16 දෙනෙකු ඇතුළත්.

COMMENTS