අගමැති මොරිසන්ගේ ආරක්ෂක රථයක් අනතුරට ලක්වීම : පොලිස් නිළධාරින් 03 ක් රෝහලෙන් යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති මොරිසන්ගේ ආරක්ෂක රථයක් අනතුරට ලක්වීම : පොලිස් නිළධාරින් 03 ක් රෝහලෙන් යයි

අගමැති මොරිසන්ගේ ආරක්ෂක රථයක් අනතුරට ලක්වීම : පොලිස් නිළධාරින් 03 ක් රෝහලෙන් යයි

අගමැති ස්කොට් මොරිසන්ගේ ආරක්ෂක රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරින් 04 දෙනා අතුරින් 03 දෙනෙකු රෝහලෙන් මුදා හැර තිබෙනවා.

ටස්මේනියා ප්‍රාන්ත පොලිසියේ නිළධාරීන් දෙදෙනෙකු සහ ෆෙඩරල් පොලිසියේ එක් නිළධාරියෙකු මෙලෙස ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

ෆෙඩරල් පොලිසියේ තවත් එක් නිලධාරියෙකු ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඊයේ පස්වරුවේ මෙම පිරිස ගමන් ගත් රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබුණා.

කෙසේවෙතත් එහිදී අගමැතිවරයාට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ.

COMMENTS