Search

තරුණයන් ගෝල්ෆේස් හි අරගල කරද්දි මෙල්බන් ඇවිත් ඡන්ද බිලිබාගන්න යන්නේ කවුද ??

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් හෙට මෙල්බන් හිදී දේශපාලන සමුලුවක් සංවිධාන කර තිබෙනවා.

පස්වරු 04 ට ආරම්භවීමට නියමිත මෙමගින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික ඇතුලු අර්බුද පිළිබඳ අවධානය යොමු කරනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් ගාලු මුවදොර ඇතුලු ස්ථාන ගණනාවක තරුණයන් ඇතුලු විවිධ සංවිධාන ගණනාවක් අරගලයක නිරතවන අවස්ථාවක මෙවැනි සමුලු මගින් සැබෑ අරමුණු ඉටුවේදැයි ප්‍රශ්න සහගතයි.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය දඩමීමා කරගනිමින් ඇතැම් විදෙස්ගත ලාංකිකයන් බොරදියේ මාලුබෑමට උත්සාහ කිරීමක් සිදුකිරීමට උත්සාහ කරන්නේද පිළිබඳ මෙවැනි දෑ මගින් සනාථ වන බවයි මැදිහත් විචාරකයන් පෙන්වා දෙන්නේ.

මව්බිමට අදාළව සංවිධාන කෙරෙන ඕනෑම සමුලුවක් – වැඩසටහනක් සඳහා සහභාගීවීමේදී එහි පිටුපස සිටින්නේ කවුරුන්ද ඔවුන්ගේ දේශපාලන භාවිතාව කුමක්ද යන්න විමසා බැලීමේ අවශ්‍යතාවයද මෙමගින් නැවත නැවතත් අවධාරණය කෙරෙනවා.

එමෙන්ම මෙවැනි දෑ සහභාගීවීමට පෙර දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු බවත් නැවතත් අවධාරණය කෙරෙනවා.