කොවිඩ් නවතම ප්‍රභේදය ආසාධිතයෙකු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් නවතම ප්‍රභේදය ආසාධිතයෙකු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

කොවිඩ් නවතම ප්‍රභේදය ආසාධිතයෙකු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදය වන XE ප්‍රභේදය ආසාධිතයෙකු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවී තිබෙනවා.

විදේශයක සිට පැමිණි අයෙකුට මෙලෙස එම වෛරස් ප්‍රභේදය ආසාධනය වී ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් සඳහන් කලේ.

XE ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් මේ දක්වා නිසි ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

එහෙත් මෙම ආසාධිතයාගේ සමීපතමයන් කෙරෙහි අවධානය යොමුකර ඇති බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ කියාසිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාසයේදී මූලික වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ XE ප්‍රභේදය ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා 10 ගුණයක පමණ සම්ප්‍රේෂණ හැකියාවකින් සමන්විත බවයි.

https://www.9news.com.au/national/coronavirus-nsw-update-first-xe-variant-infection-detected-in-new-south-wales/c2376675-036a-4f4d-95b9-30c8fc09a97c

COMMENTS