
පාස්කු සමය පුරා සේවයේ යෙදීමට සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඩොලර් 1000 ක ප්‍රසාද දීමනාවක් පිරිනැමීමේ යෝජනාවට වෘත්තිය සමිති දැඩි විරෝධය පළකර තිබෙනවා.
නිවාඩු නොමැතිව සේවයේ යෙදවීම කම්කරු නීති කඩ කිරීමක් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
අති විශාල පිරිසක් පාස්කු නිවාඩුව ගත කිරීමට යාම හමුවේ සිඩ්නි – මෙල්බන් ඇතුලු ගුවන් තොටුපළ ගණනාවක අද දිනයේත් දැඩි පෝලිම් දක්නට ලැබෙනවා.

මීට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා තිබුණේ සේවක හිගයයි.
මෙය මගහරවා ගැනීමට අප්‍රේල් 14 වනදා සිට 26 වනදා දක්වා අඛණ්ඩව සේවය කිරීමට කැමති ආරක්ෂක අංශ සේවකයින්ට ඩොලර් 1000 ක ප්‍රසාද දීමනාවක් පිරිනැමීමටයි සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් තීරණය කර ඇත්තේ.
