බන්දු සමරසිංහට කොන්සල් තනතුරක් ???

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත්කිරීමට යෝජනා වි ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම යෝජනා කිරීම සිදුකර ඇති බව ද වාර්තා වුණා.

මීට පෙර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ පත් කෙරුණා.

ඇය එම ධූරය භාරගත් අතර පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගියේ මිලානෝ නුවරදීයි.

මීට පෙර මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ නම් කෙරුණා.

එහෙත් තමන්ට එම ධූරය භාරගත නොහැකි බවයි ඔහු පවසා තිබුණේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »