බීර බදු වැඩිම රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති බවට අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

බීර බදු වැඩිම රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති බවට අනාවැකි

බීර බදු වැඩිම රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති බවට අනාවැකි

ලබන වසර වනවිට බීර සඳහා වැඩිම බදු අය කරන රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අනුව දැනට එම ස්ථානයේ සිටින ජපානය අභිබවා ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයට පත්වනු ඇත්තේ නෝර්වේ සහ ෆින්ලන්තයට පමණක් දෙවැනි වෙමිනුයි.

දැනට ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කෙරෙන සෑම බියර් පයින්ට් එකක් සඳහාම සියයට 80 කට ආසන්න බදු ප්‍රතිශතයක් අය කෙරෙනවා.

කෙසේවෙතත් ඇතැම් බීර වර්ග සඳහා අය කෙරෙන බදු ප්‍රතිශතයන් සියයට 50 කින් පමණ අඩු කරන්නැයිද ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

2021 වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ බීර අලෙවියෙන් ෆෙඩරල් රජය උපයා තිබූ බදු ආදායම ඩොලර් බිලියන 2.5 ක්.

https://9now.nine.com.au/a-current-affair/aussie-punters-publicans-outraged-federal-government-beer-tax/ea821144-6fe2-466e-94a3-1fd225112cb8

COMMENTS