මාර්තුවේදී නව රැකියා 18,000 ක් බිහිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මාර්තුවේදී නව රැකියා 18,000 ක් බිහිවෙයි

මාර්තුවේදී නව රැකියා 18,000 ක් බිහිවෙයි

ඔස්ටේ‍රලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් සියයට 04 මට්ටමේම පවතින බව සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

පසුගිය මාසයේදී විරැකියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව 12,000 කින් පමණ අඩුවී ඇති අතර නව රැකියා 18,000 ක් පමණ උත්පාදනය වී ඇති බවයි අද නිකුත් වු වාර්තා වල සඳහන් වන්නේ.

මෙම තත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතියහොත් ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.9 කට පමණ අඩුවිය හැකි බවටද අනාවැකි පළවනවා.

මේ දක්වා වසරකදී ඔස්ටේ්‍රලියාවේ අඩුම විරැකියා අනුපාතය පැවතී ඇත්තේ 1974 වසරේදීයි.

එය සියයට 3.7 ක් ලෙස සටහන්ව තිබුණා.

https://www.9news.com.au/national/australia-unemployment-rate-march-2022-remains-flat-at-4-per-cent/4aaabd05-5bb7-4e43-8a23-7f4429e9b93c

COMMENTS