
අනවසර සංක්‍රමණිකයන් සඳහා ඔස්ටේ්‍රලියා ප්‍රධාන භූමියෙන් බැහැරව පවත්වාගෙන යන වීසා සැකසුම් මධ්‍යස්ථාන (offshore processing centres) අහෝසි කිරීමේ තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
අද පෙරවරුවේ සිදුකල ප්‍රකාශයක් පිළිබඳ කරුණු පැහැදිලි කරමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.
බෝට්ටු මගින් අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීම ලේබර් පක්ෂයේ දැඩි ස්ථාවරය බවත් ඒ අනුව offshore processing centres අනවශ්‍ය බවටත් ඔහු විසින් පවසා තිබුණා.

කෙසේවෙතත් දැනට පවතින මධ්‍යස්ථාන කිසිවක් වසාදැමීමක් එමගින් අදහස් නොකෙරුණු බවයි විපක්ෂ නායක ඇල්බනීස් සඳහන් කරන්නේ.
සංක්‍රමණ කටයුතු සම්බන්දයෙන් සිය ප්‍රතිවාදියා එනම් වත්මන් අගමැති මොරිසන්ගේ ප්‍රතිපත්ති දියාරු සහ වෙනස්වන සුලු බවටද විපක්ෂ නායකවරයා චෝදනා කලා.

COMMENTS