ලංකාව තවත් ණය ශ්‍රේණිගත කිරීමකින් පහළට

ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී මට්ටමේ සිට සී සී මට්ටම දක්වා පහත දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා.

විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා කල ප්‍රකාශය මත පදනම්වයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය විනිමය ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමද සී සී සී සිට සී සී සී මයිනස් දක්වා පහත දැමීමටත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් ලබන 18 වනදා පියවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමට ඇති හැකියාවද මේ සඳහා බලපා ඇති බව සඳහන්.

මූඩිස් හා ෆිච් යන ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින්ද පසුගියදා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළනු ලැබුවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »