ඉදිරි දින 05 දී 380,000 ක් මෙල්බන් ගුවන් තොටුපළට

අපේක්ෂා කල අයුරින්ම ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ රැසක දිගු පෝලිම් සමග දැඩි තදබද නිර්මාණ වී තිබෙනවා.

අද දිනයේදී සිඩ්නි ගුවන් තොටුපලේ අභ්‍යන්තර ගුවන් පර්යන්තය හරහා 82,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 56,000 ක් පමණ වෙනත් ගමනාන්ත් කරා ගමන් කරනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර ඉදිරි දින 05 තුළදී 380,000 කට ආසන්න පිරිසක් මෙල්බන් ගුවන් තොටුපළ භාවිත කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර පැමිණෙන ගුවන් මගීන්ට සිය ගමන් මලු ලබාගැනීම සඳහා පැයකට ආසන්න කාලයක් රැඳී සිටීමට සිදුවූ බවයි මෙල්බන් ගුවන් තොටුපළ වාර්තා පවසන්නේ.

https://www.9news.com.au/national/airport-delays-easter-weekend-busiest-day-in-years-australia/0a909701-e8c7-482f-a755-f21b708ca862

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »