අගමැති මොරිසන්ගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම් – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති මොරිසන්ගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

අගමැති මොරිසන්ගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ පළමුකොට සඳහන් කර ඇත්තේ, සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන සැමට සිය සුබ පැතුම් පළ කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවයි.

මෙම අතිවිශාල වූ උත්සවය තුළ දී භාෂාව සමග බැඳී ඇති සංස්කෘතිය ස්පර්ශ කරන බව ද මොරිසන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඉපැරණි සම්ප්‍රදායේ ගිලී, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හොඳ හිත, ස්තුතිය, සහ අලුත් සබඳතා නිර්මාණය කරගැනීමට වැදගත් වන බව ද ඔහු සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

පවතින ගෝලීය වසංගත තත්ත්වය ජයග්‍රහණය කරමින්, ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ත ප්‍රජාවගෙන් ම ඉල්ලා සිටින ඔස්ට්‍රේලියානු අගමැතිවරයා කියා සිටින්නේ, 2022 අලුත් අවුරුද්ද ආත්මය සමගින් බැඳුණු ඔබේ ජීවිතයට සාමය හා සෞභාග්‍යයේ ආශිර්වාදයක් වේවා ! යනුවෙන්.

COMMENTS