වික්ටෝරියා හි ලාංකිකයන්ට ප්‍රාන්ත අගමැතිගෙන් විශේෂ ස්තූතියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා හි ලාංකිකයන්ට ප්‍රාන්ත අගමැතිගෙන් විශේෂ ස්තූතියක්

වික්ටෝරියා හි ලාංකිකයන්ට ප්‍රාන්ත අගමැතිගෙන් විශේෂ ස්තූතියක්

සිංහල අලුත් අවුරුද්ද සමරන වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන සෑම ලාංකිකයෙකුටම ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සුභ පැතුම් පළකරනවා.

මෙවැනි උත්සව හරහා සිංහල ප්‍රජාව අතර බැඳීම තවත් ශක්තිමත් වන බවයි විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.

පවතින වාතාවරණය යටතේ අසීරු කාලයකට මුහුණදීමට සිදුව ඇතත් සම්ප්‍රදායන් රැකගනිමින් අලුත් අවුරුද්ද සැමරීමේ වැදගත්කමද අගමැතිවරයා අවධාරණය කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් කරන කැපකිරීම් සම්බන්ධයෙන් මෙහි සිටින සියලු ලාංකිකයන්ට ස්තූතිය පළකරන බවයි ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

සියලු ලාංකික ප්‍රජාවට සෞභාග්‍යමත් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන බවද වික්ටෝරියා අගමැතිවරයා සඳහන් කලා.

COMMENTS