ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානම සංස්කෘතික උත්සවය අදයි

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානම සංස්කෘතික උත්සවය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නොනගතය තව සුලු වේලාවකින් උදාවන අතර මෙවර සිංහල අලුත් අවුරුදු උදාව තවත් පැය කිහිපයකින් යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09 යි 05 යෙදී ඇති අතර පෙරවරු 10 යි 17 ටයි වැඩ ඇල්ලීම / ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකැත යෙදී ඇත්තේ.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ද එක් එක් කාල කලාපයට අනුව නැකැත් වේලාවන් සකස් කර චාරිත්‍ර ඉටු කරනු දැක ගත හැකියි.

ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තයට මෙවර අවුරුදු නැකැත් පහත පරිදියි.

facebook.com/auslankatvpage/photos/525549819193059

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »